මො/වෙහෙරයාය කනිටු විදුහල

පාසල් වර්ණ ප්‍රදානොත්සවය ලඟදීම...................

481626690_17966169854845887_7448039551919634573_n.jpg
481626690_17966169854845887_7448039551919634573_n.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.ඒ.ඩී.එන්.එම්.ප්‍රියදර්ශනි මිය

21 වන සියවසේ සියලුම අභියෝග වලට මුහුණ දිය හැකි වන අයුරින් ලෝකයට වැඩදායි ලාංකික අධ්‍යාපන ප්‍රතිපත්ති සදහා අනුකුල වෙමින් පාසල් විෂය මාලාව , විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුලින් පාසල් දියණිවරුන් සමබර පෞරුෂයකින් යුත් ඉදිරි වැඩ ලෝකයට ගැලපෙන කාන්තාවන් බවට පත් කිරීම මගේ අභිප්‍රායයි. ඉදිරි ලෝකය ජය ගත හැකි අයුරින් ලාංකීය අනන්‍යතාවය පාසලේ දියණිවරුන් මුළු මහත් ලෝකය පුරාම විහිදවනු ඇතැයි මම සිතමි. සිසු කුසලතා වර්ධනය කර ගනිමින් නව ලොවට ගැලපෙන අයුරින් සාම්ප්‍රදායික / ප්‍රාදේශීය වශයෙන් සමාජානුයෝජනය වන දියණිවරුන් හෙට දිනයේ තමන් ඉගෙනුම ලබන පාසල නව තාක්ෂණික යාවත්කාලිනකම් සමග අනාගතයේ දැකීම මම ලබන අභිමානයයි . පාසල පිලිබදව අවට සමාජයට පාසල් ප්‍රජාවට කාලීනව තොරතුරු ලබා දීමට පාසලේ පරිගණක අංශය ගෙන ඇති මෙම වෑයම මම අගය කරමි. මෙම වෙබ්
 අඩවියේ නිර්මාණකරුවන්ට සුභ පතමි.

කේ.ඒ.ඩී.එන්.එම්.ප්‍රියදර්ශනි මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/වෙහෙරයාය කනිෂ්ඨ විද්‍යාලය.