වැල්ලවාය නගරයේ සිට වැල්ලවාය තිස්ස මාර්ගයේ කි.මි. 10ක් පමණ පැමිණි විට දෙහිගස් හංදිය නම් ස්ථානයෙන් කි.මි. 1 ක දුරින් සිරිපුරගම පාරේ පැමිණි විට මො/වෙහෙරයාය ක.වි.පිහිටා ඇත. මෙම පාසල වෙහෙරයාය ජනපද ග ම නිළධාරි වසමට අයත් වන අතර වැල්ලවාය අධ්‍යාපන කලාපයෙන් හා කොට්ඨාශ කාර්යාලය මගින් පාලනය වේ. මෙම පාසලට 1959 .07.01 දින මුල් ලෝග් සටහන මෙසේය.
“නමෝ බුද්ධාය"
මෙම පාසල 1959 ජනවාරි මාසයේ දි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සාදන ලද තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදුව ජි.ඒ.එම්. අමරසිංහ මහතා විසින් ඉගැන්විම ආරම්භ කරන ලද බව කියති. මේ හැර බි.ජිකරුනාවති මෙනවිය හා ආර්.එම්. කරුණාපාල මහතා ද ඉගැන්විම් කටයුතුවල යෙදි සිටිති. ළමයින්ගේ නම් ඇතුළත් කිරිමේ ලේඛනයට ඇතුළත් කිරිමේ දිනය 1959 .07.01 දින යෙදිනි.”
ඉහත සදහන් පරිදි ආරම්භ කරන ලද මෙම පාසල මුල් අවධියේ දී පහළ බාලාංශය හා ඉහළ බාලාංශය වශයෙන් සත් වැන්න දක්වා පංති පැවැත් වී තිබිණි. මුල් අවධියේ සිසුන් 130ක් විය. පාසලේ මුල් ගොඩනැගිල්ල අඩි 129 දිග අඩි 130ක් පළල විය. මේ දක්වා ඊට අමතරව ඉදි කර ඇත්තේ 60*20 ගොඩනැගිල්ලක් හා 80*20 ගොඩනැගිල්ලක්, පුස්තකාලයක්, පරිගණක ඒකකයක් පමණි. පාසලේ ඇති විදුහල්පති නිළ නිවාස හා ගුරු නිවාසය අබලන් තත්වයේ පවති.
පාසල 1985 දි අ.පො.ස. / ස.පෙළ දක්වා වර්ධනය වු අතර 2001 වර්ෂයේ දි මෙම පාසල 9 දක්වා පැවැත්විමට නියමිත පාසලක් ලෙස නම් කෙරිණි. ඒ අනුව 10- 11 ළමුන් වෙනත් පාසල් කරා යොමු විය. එහෙත් දුර බැහැර පාසලකට යාමට තරම් ආර්ථික ශක්තියක් නොවු ඇතැම් දරුවෝ පාසල අතැර දමා ගොස් ඇත. මේ පිළිබද අධ්‍යාපන නිළධාරින් සමග එවකට සිටි විදුහල්පති හා දෙමාපියන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව 11 ශ්‍රේණිවල දක්වා පංති පැවැත්විමට තිරණය විය. මේ වන විට විදුහල්පති වරුන් 16ක් පමණ සේවය කර ඇති අතර මේ වන විට සිසුන් 134ක් පමණ අධ්‍යාපනය ලබයි.
|
ආරම්භ කළ වර්ෂය |
1959 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
154 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
03 |
|
මුල් ගුරුතුමාගේ නම |
පී.ඒ.එම්.අමරසිංහ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො/වෙහෙරයාය ක.වි. |





