බස රැස දෙස ඇස ලෙස රකිනා
හෙළ දරු පිරිසක් හදනා අටියෙන්
එදත් අදත් කවදත් අප සිත් තුළ
සුරුවිරු ගති ඇති කළ අටියෙන්
දෙවැනි පියවරේ විදුහල් මාතා
වෙහෙරයාය ජනපදයේ
සැරදේ සැරදේ සැරදේවා
සැරදේ සැරදේ සැරදේවා
විදු සක්විති දම්සෙන් පඩි පැරකුම්
රහල් කුමරු වැනි තුටු පඩුවන්
ගැමුණු විජයබා දාසෙන් මහසෙන්
මහ පැරකුම් වැනි නර දෙටුවන්
බිහිකළ හෙළයට හෙළි කළ පොළොවක
දිනු අප හදනා මාතාවන්
සැරදේ සැරදේ සැරදේවා
සැරදේ සැරදේ සැරදේවා..





